දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ දීප ව්‍යාප්ත පාසල් නිර්මාණ තරඟය
තෙවන ස්ථානය
රූපවාහිනී අත්පිටපත් නිර්මාණය - 12-13 ශ්‍රේණි
නම - බී.එම්. තීක්ෂණ ලක්රුවන් බාලසූරිය
පාසල- පු/ පල්ලම නන්දිමිත්‍ර නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලය, පල්ලම
එදිනෙදා ජීවිතයේදී ඔබ ගන්නා ආහාර පිළිබඳව මට අවධානය යොමු කළාද ?
නිතර දෙවේලේ හැමෝම පුරුදු වෙලා ඉන්නේ ක්ෂණික ආහාර ගන්නයි. රැකියාවට උදෑසන පිටවෙන ඔබේ, පාසලට පියමනින දරුවන්ගේ අවශ්‍යතා සපිරි ලා ද ?
උදෑසන ආහාර නොගෙන නිවසින් පිට විම සිදුවුවහොත් උදෑසන ආහාරය ඔබට මඟ හැරුණොත් ඔබ රෝගියෙක් කරන බව දන්නවාද ?
උදෑසන කිරි පානය ශරීරයට ඉතාම හිතකරයි. පිටිකිරි වෙනුවට දෙනුන් දොවාගත් කිරි ශරීරයට ඉතා ම ගුණදායකයි. දෛනික රාජකාරිය රාජකාරීවල නිරත වන ඔබට කිරි ශක්තිය වඩවන ගුණ සපිරි ආහාරයක්.
බාල මහලු කාටත් ගුණදායකයි ; බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා ! බුද්ධිමත්ව සිතන්න. උදෑසන හෝ දවසේ ඕනෑම කාලයක ඔබ එළකිරි පානය කරනවා නම් පාසල් දරුවන්ගේ ධාරණ ශක්තිය, චින්තන ශක්තිය දියුණු වෙනවා. විභාගය ජය ගන්න දරුවන්ට ඒක ලොකු අත්වැලක්. රටට ජාතියට කිරි සපයන ඒ කිරි අම්මාගේ කිරි ට හොඳ වටිනාකමක් දෙමු. රෝග නසන , පෝෂණ සංඝටක සපිරි කිරි කුඩා ළදරුවන්ට ගුණදායකයි. ජය මාවතට පිවිසෙන්නත් මේ කිරි උපකාර වෙනවා. ශරීර කැලරි ප්‍රමාණය ඉහළ යන්නත් හේතු වෙනවා. ක්‍රීඩාව ජීවිතය කරගත්තු හැමෝටම එළකිරි ඉතා වැදගත්. දියරකිරි පාසල් දරුවන්ට ලබා දුන්නත් අධ්‍යාපනයේ ඉහළ තලයකට ගේන්න පුළුවන්. සාර්ථක අනාගතයක් ඒකෙන් තහවුරු වෙනවා. කිරි ගොවියාගේ ගැටළුවලට එකෙන් විසඳුම් ලැබෙනවා. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ටත් ශරීර වර්ධනයට කදිම ආහාරයක් කිරි.
*. දේශීය කිරි ගොවියාගේ අනාගතය ගැන සිතමු.
*. පිය ගුණ දායක තන අහරට ගෙන අපට කිරි ලබාදී සවිය ගෙන දෙන එළදෙන රැකගනිමු.
*. රසය ගුණය නැවුම් බව සපිරි එළකිරි පානයට හුරු වෙමු.
*. කිරෙන් සපිරි දැයක් ගොඩනැගීමට, ජාතියට ජීවය වන් කිරි ලබා දී , පෝෂ්‍යදායක නැණවත් අනාගත පරපුරක් ගොඩනඟන්නට අද දවසේ අත්වැල් බැඳ ගනිමු.
රුවා බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment