Search creations
Tuesday, May 17, 2022
Wednesday, May 4, 2022
ජීවන ගලවල
මෝදර වත්ත කළු ගල්වල නුදුරු කොනේ
දස පැය දවස ගෙවුමට සොච්චමක් ගෙනේ
මව් ගුණ සුවඳ දහඩිය හා මුසුව දැනේ
ඉන්තේරුවට ඈ ජීවිත ගල බිඳී අනේ
ලිප මත ඉදෙන ලුණු කැඳ පොදටත් වැඩිය
අප බිව් කඳුළු මහ සයුරට නොදෙවෙනිය
කළුගල් තලාවට වැඩි ඈගේ සෙනෙහසය
අව් වැසි පින්නටත් ඈ නවතන්නට බැරිය
පෙරඹර අහස දිනකරටත් මං විවරය
උදේ රැයින් ගල් වට්ටිය දෑතට බරය
හිස රෙදි කඩ තවම දැනෙනා තෙත බරය
එනමුත් ඇගේ මග යාමට හරිබරි ය
මව් පිය සෙනෙහේ එකවර දුන් යශෝධරා
කෘශ ළැම එරුණ කිරි පොද පෙව් පයෝධරා
මහා මේරුව ට නොදෙවෙනි ඈ ශෝකධරා
මතු බුදුබවට විවරණ ගත් නුවන්ධරා
රෑ තුන්යමේ කෘශ අතපය රිදුම් දෙනා
වෙද තෙල් ටිකෙන් රිදුමට සහනයක් දෙනා
ජීවන චක්‍රෙ පසු දිනටත් කරකැවෙනා
ගෙයි බර දිනෙන් දින හිස වෙත උඩුදුවනා
දිවි මං පලේ අප තනිකර යන්ට එපා
දෙවිඳුනි ඇගේ පණ නල ටික ගන්ට එපා
ඉරගල වැටෙන සඳ වෙහෙසක් එන්ට එපා
ඈ එනතෙක්ම නංගී ඇහැරෙන්ට එපා
අම්මා හෙලන දහඩිය කඳුළැලිත් උරන්
කළුගල නුඹත් හඬන බව මතක තියන්
මතු යම් දිනෙක මං සක්විති පදවි දරන්
මුදවමි දුකින් ඒ කලගුණ මතක තියන්
රුවා බාලසූරිය
තෙවන වසර දෙවන සමාසිකය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලය
-
එදා සිට අද දක්වා ගීත සාහිත්‍යයේ පුණරාගමනය සාහිත්‍ය යේත් , සංගීතයේත් අපූර්වත ම සුසංයෝගය ගීතයයි.විචාරක මනස ප්රබෝධය පත් ක...
-
බමුණු මහසල් කුලය බලවත් බින්දා මං ඒ මහා පවුරත් මණිමේඛලා දෙව්දු වුවත් මට දෙන්නෙ නෑ කිසි සීමාවක් මා...
-
සඳක සිත්තම මුව මඬල මත රැඳුණු පැහැබර ලෙසින් දිලෙනා සතර රියනට උරුම නුඹ මුව හ...
-
කුස සරි කරනට ගසට ගොඩ වුණේ හද ගැබ සෙනෙහෙන් ලා දළු වැඩුණේ රත් ලේ ඉස ඉස දෙල් ගස මුදුනේ දෙකකුල සිපගෙන කෙක්කද වැටුණේ කෑමොර ග...
-
සමාජ ප්‍රතිසංවිධානය තුළ ආගම හා සංස්කෘ තික විවිධත්වය කෙරෙහි විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ කාර්යයභාරය පිළිබ ඳ සමාජ හා මානව විද්‍යාත්මක අ...



















