එදා සිට අද දක්වා ගීත සාහිත්‍යයේ පුණරාගමනය
සාහිත්‍යයේත් , සංගීතයේත් අපූර්වත ම සුසංයෝගය ගීතයයි.විචාරක මනස ප්‍රබෝධය පත් කරන්නට ගීතයට ඇති හැකියාව විශිෂ්ටය.එම විශිෂ්ටත්වය ඔප්නංවනුයේ විශේෂ ප්‍රාගුණ්‍ය ලද ගී පද රචකයාගේ මනෝභාවීය විචිතත්වය නිසාය.එය සාහිත්‍යය තුළින් මනාව සිදුවේ.සංගීතයෙන් සිදු කරනුයේ පද මාලාවට නාද මාලාවක් මුසුකොට එහි අලංකරණයයි. රසික හදවත් වැළඳගන්නේ එම නාද මාධූර්යය පිරි අර්ථාන්විත භාවයයි. ප්‍රතිභාව යනු අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාවයි ප්‍රතිභාපූර්ණ කවිය, ගීතය සහෘද ජනාදරයට පාත්‍රවීම තුළින් හද රැඳි ගීත සමුදායක් ගීත සාහිත්‍යයේ ඉන්ද්‍රඛීල සටහන් තබයි. ගීතය නිර්මාණය වීමේ දී කාව්‍ය රසය මුල්තැන ගනු ලබන අතර, අර්ථ රසය හා ශබ්ද රසය ඒ අතරින් වැදගත් වේ.ගීතය හා වඩාත් අර්ථාන්විත වනුයේ ශබ්ද හා අර්ථ රසය යන දෙයාකාරය ම පවතින කල්හි ය.ඒ අනුව යමින් සිංහල ගීත සාහිත්‍යය එකලු කළ ගීත බොහෝමයක් අපගේ රසවින්දනය පිණිස තිබූ බව නොරහසකි.
සිංහල සාහිත්‍යය උපයුක්ත කොට ගනිමින් උපමා" රූපක හා නව නළු රසයන් මනා සේ ගෙනහැර දක්වමින් සිය අදහස කාව්‍යයට නගන්නට කවියාට , ගී පද රචකයාට ඇති සුවිශේෂත්වය අගය කළ යුතුම ය.මහගමසේකර, ජී බී සේනානායක, කේයස් හෙවත් කළල්ඇල්ලේ ආනන්ද සාගර ,ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, ටිබෙට් ජාතික එස් මහින්ද හිමි, පී .එච්. පෙරේරා, යමුනා මාලනී පෙරේරා, මොනිකා රුවන්පතිරණ වැනි කවි කිවිඳියන් සිය භාෂා කුසලතාවයට ගී පද රචනය මුසු කිරීමෙන් අපූර්ව වූ ගී නිර්මාණ රැසක් දායාද වීම ගීත සාහිත්‍යය ලද විශිෂ්ට ම ජයග්‍රහණයකි.
මාතර යුගයේ විසූ සුප්‍රකට කිවිඳියක වන ගජමන් නෝනාගේ,
" පිනවන දන දුටු සෑම - ගඟ ළඟ පිහිටි කදිම "
යන කාව්‍යය හෙළ ගීත
සාහිත්‍යයට ආදර්ශ සපයන්නේ
මාතර යුගයේ කාව්‍ය විශිෂ්ටත්වය මනාව විෂද කරමිනි.
එමෙන් ම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචනා කරන ලද,
"ඉර හද පායන ලෝකේ - ආලෝකය අතරේ
සැප දුක සමබර වේ - මේ ජීවන කතරේ"
යන
ගීතය ජීවිතයට ආගමානුකූල පසුබිමක සිට ගෙන එන්නකි. ඉර හඳ පායා ඉන් බබළන අවට පිළිබඳව අප වෙත ගෙන එන්නේ චිත්තරූප මවමිනි. සැප දුක වුව ද උපන් මිනිස් භවයේ
අපට සමබර බව ගෙනහැර දක්වමින් විද්‍යාමාන කරනුයේ සැප මෙන් ම දුක ද සතුටින් බාර ගත
යුතු බවයි.එවන් නිර්මාණ තුළින් මෙතෙක් කල් ගීත සාහිත්‍යයට සිදුවූ අනුපමේය සේවාව
පිළිබඳව සියුම් අධ්‍යනයක යෙදෙන්නන්ට මැනවින් පත්‍යක්ෂ වේ.
නමුත් වර්තමාන සමාජයේ වානිජ්‍යයට මුල් තැන
ලැබීම නිසා ගීත සාහිත්‍යය කලාව ද වානිජ්‍යය මත පදනම් වූ ස්වරූපයක් උසුලයි.අතීතයේදී
රසවින්දනය ලද ගීත පවා වර්තමානයේදී නෑසෙන තරම් ය.තරුණ පරපුර හෝ බාල පරම්පරා ඒවාහි
අගය පිළිබඳව නොදන්නා
තරම් ය.ඒ පිළිබඳව අවබෝධයක් ඇති වැඩිහිටියන් පවා දරුවන්ට
එම අතීත ගීත සාහිත්‍යයේ අගය වටහාදීමට පවා පසුබට වීම ජාතියේ ම එක් අභාග්‍ය සම්පන්න
පැතිකඩකි.
ගීත
සාහිත්‍යය සාරය රැගත් වැඩසටහන් කොතෙකුත් සූදානම් කළ ද ඒ සඳහා සහභාගී වන්නේ ද අතළොස්සකි.ශබ්ද
රසයට පමණක් මුල් තැන දෙමින් ගැයෙන ගීත කලාවක් දැන් දැන් බිහිවී ඇත.බොහෝදුරට ආදරය,
විරහව,ලිංගිකත්වය මත පදනම් ව ගීත නිර්මාණය වනු අපට දක්නට ලැබේ.එවැනි ගීත රැල්ලක්
සමග රසික සිත් වසඟ කරගත් රූප
රචනාවන් ද වේ.ගීතය ගැයෙන විට එයට ම ආවේණික ලෙස නිර්මාණය කරන ලද රූප රචනාවන් වීඩියෝ
පටයන් ලෙසින් කරලියට පැමිණීම ද නව්‍යතාවයකි.එය ඉංගීසි
බසින් visual ලෙස හඳුන්වයි.
ඒ
තුළින් වත්මන් ගීත කලාව මුදල මත පදනම් ව නොහොත් වානිජ ව්‍යාපාරයක් ව අවසන්
ය.ගීතයේ ස්වභාවය මත මුදල තීරණය වේ.අන්කවර ලෙසකවත් වැදගත් නොවූ හරසුන් පද මාලාවකට
අති විශාල මුදලක් අය කරන්නට වත්මන් ගීත රචකයන් පෙළඹීම වත්මන් ගීත සාහිත්‍යය රැල්ල
ඉදිරියට ගෙනයාමට සේතුවක් වී අවසානය.ඉන් සිංහල සංස්කෘතිය සදාචාරය විනාශ මුඛයට
ගෙනයාම සිදුවේ. ඇතැම් විට එම ගීත නිර්මාණ අසන අසන, නරඹන සිත් දූෂණයට ලක්වීම අපරාධ රැල්ල ඉහළ යාමට ද හේතුවේ.
එවැනි
සංස්කෘතිය සදාචාරය විනාශ කරන අර්ථ විරහිත ගීත කලාව දෙස විමසුම් ඇස යොමු කරන
බුද්ධිමත් විචාරකයාට ගීත කලාව පිළිබඳව ඇත්තේ දැඩි කලකිරීමකි.ගීත සාහිත්‍යය පිළිබඳව
නිවැරදි අවබෝධයක් නොලත් ගී පද රචකයෝ දැන හෝ නොදැන අපේ වටිනා හර පද්ධති විකෘති කර
අලෙවි කරති.ඉන් වෙන්දේසි වන්නේ අප වටිනාකම් බව දන්නේ ද ඉතා ම අතළොස්සකි.
අතීත ගීතයක හා වත්මන් ගීතයක ඇති වෙනස අහසට පොළොව මෙනි.එහෙත් විය යුත්තේ ගීත කලාව රැක ගැනීම විනා අලෙවිය හෝ විකෘතිය නොවේ.දක්ෂ බුද්ධිමත් විචාරක මනස පුබුදුවන ගී පද රචකයාගේ කාර්යය ශබ්ද රසය හා අර්ථ රසය සපිරි හරවත් අර්ථවත් ගීත රචනය තුළින් විඩාබර වූ මිනිස් සිතට යම්කිසි අර්ථවත් උපදේශයක් ලබාදීම වේ. වත්මන් ගීත කලාව තවත් වෙළඳ භාණ්ඩයක් බවට පත්කර නොගනිමින් නිසි ලෙස භාවිතයට යොදාගත යුතුය. එම පූර්වාදර්ශය මතු පරපුරටත් දායාද කරමු.
රුවා බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment