සිහිවෙයි තෙමගුල සම්බුදු හිමිගේ
ලෝ වැසි හදවත් අමා දමින්
මළුවේ
බෝපත් සැලෙනා රාවේ
දෙසවන් පිනවයි
උවැසි දනන්ගේ...
බියකරු ජීවන
කතර ද සිහිවී
ඇසතු බෝ රුකට
පිට දුන් දා
නසමින්
කෙලෙසුන් බිඳමින් මරුසෙන්
ජයගත් තුන් ලෝ
අග මුනිඳුන් ...
නැහැවෙයි පින් බිම් මල්, සිල් සුවඳින්
නහවයි සසර ම අමා වැසින්
නංවයි දාගැබ් පරයයි ගගන ම
වැජඹෙයි දන්සැල් නැහැවෙයි සිසිලෙන්...
පුදදෙයි පූජා පිළිමය අභියස
දහසක් දෑතුත් දොහොත් මුදුනතේ
නංවයි පැතුමන් බුදුහිමි පාමුල
විහිදෙයි බුදුරැස් මාලා දසඅත...
අනේ ! බුදුහිමියනේ අපහට
දිරිය දෙනුමැන පින් වඩන්නට
රෝග බිය සතුරු බිය පරදා
නවමු අදහස උතුම් වෙසගේ...
රුවා බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment