සඳක සිත්තම මුව මඬල මත
රැඳුණු පැහැබර ලෙසින් දිලෙනා
සතර රියනට උරුම නුඹ මුව
හද ගැඹරෙ සිත්තම් වෙනා
වලා පටලය දෑස් අගට ම
වැට කඩොලු මායිම් වෙනා
ඇසින් දිය වැගිරෙන්ට පළමුව
ඇස් කොනේ තැන්පත් වෙනා
දිනෙක ඇරඹුම අවරගිරගින්
පාළු අහසේ වියැකෙනා
චන්ද්‍ර මණ්ඩල අහස් තලය ම
ශ්වේත සළුපිළි හැඩවෙනා
නුඹේ වත අද දකින මොහොතේ
දුටුව මුල් දින සිහිවෙනා
මගේ හද ගැබ පසරු කරමින්
නිහඬ වත අද දුටුවෙනා
රුදුරු මර සෙන් පෙරට එන විට
සිනා හඬ දිග සසැලෙනා
පරපුරේ අභිමානේ නුඹ අද
දෑත දෙපයත් එක් වෙනා
රෝස පැහැගත් දෙකම්මුල් පෙති
සුදට සුදුමැලි එක් වෙනා
මලානික වූ පහන් තිර එළි
සසර සැඩ දුක සිහිවෙනා
මල්සරාණෙනි! විද්ද හීයෙන්
මැවුන සිහිනය බොඳ වෙනා
නොතිර සසරේ පුරුදු පාලුව
මඳින් මඳ ගෙත්තම් වෙනා
යළිඳු එක්වී ගොඩනගන්නට
සසර වඩුගේ සිත් නොව වෙනා
පාළු තනි මග කෙලෙස යනු නුඹ
නුහුරු ගමනක තනිවෙනා
මමත් නැතිවම මටත් කලියෙන්
පෙර ගමන් අද ඇරඹෙනා
රිදී මංගල සීනු හඬ දිග
අපෙන් ඈතට වියැකෙනා
ඉතින් යන්නට කලින් ආයෙත්
මඳක් දිගැසිය හරිමිනා
රුවා බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
ඉතා හොඳ නිර්මාණයක්.
ReplyDeleteහැමදාම හොයාගෙන ඇවිත් කියවනවා මේ නිර්මාණ... හදවතට දැනෙන මේ වගේ දේවල් තවත් ජනතාව අතරට යා යුතුයි. සුබ පැතුම් #සක්වලතරණය ❤️
ReplyDeleteතව තවත් ලියන්න 🤩
ReplyDeleteඅපූරුයි
ReplyDelete