ආදරණීය සිතුවිල්ල ...
අම්මා කියන වචනය මොනතරම් නම් ජීවිතයට සමීප ද ? කොහේ ගියත් "අම්මා "අපි යන්නං කියලා ගෙදරින් පිටවෙන අපේ ගෙදරට ඉන්නෙත්, " අම්මේ" කියාගෙන. අම්මා නැතුව මොහොතක්වත් අපි ගෙදර ඉන්න කැමතිද ? කොහේ ගියත් මොනවා කළත් අපේ සිහියට නැගෙන ආදරණීය වචනය අපේ හදවත සිපගත්ත හදවතේ ගැඹුරටම කිඳා බැහැපු ඒ ආදරණීය කටහඬ අපේ අම්මා නෙමේද ?
අපිව ලැබෙන්න ඉද්දි උනු වතුර ටිකක්වත් එකපාර අම්මා බිව්වේ නෑ. මේ ලෝකෙ තියෙන ලොකුම වේදනාවත් විඳලා අම්මේ ලෝකෙට අපිව බිහි කරනවා. ඔක්කොම අමතක වෙනවාලූ අම්මට අපේ මූණ දැක්කහම. මට ඒ බව තාම නොදැනෙන්නේ මං තාමත් මගේ ම කියල අරුවෙක් නැති නිසා. අම්මා ඉස්පිරිතාලෙදි අපිව ආදරෙන් අපිව තුරුලට ගන්නවා. අම්මගේ රන් කිරි කට ගාන්නේ පුදුමාකාර ලැදියාවකින්, සෙනෙහසකින්. ඒ සෙනෙහස ඒ ලබැඳියාව මුලින්ම හදවතට දැනෙන්නේ අම්මගේ නැළවිලි ගියත් එක්ක. අම්මගෙ නැළවිළි ගීය පුදුමාකාර විදිහට අපේ ආත්මයම සිප ගත්තා. කරදඬු උස් මහත් වෙලා මොන තරම් ඉහළට ගියත් තාමත් අම්මා කියන වචනය එනකොට, අම්මගේ ගැන කියවෙන ලස්සන ගීතයක් ඇහෙනකොට මගේ කන් දෙක හැමදාමත් පුරුදු වෙලා තිබුන ඒකෙත් ආසාවෙන් අහන්න. මං හිතන්නේ මගේ ජීවිතේ තියෙන තුරාවට කවදාවත් අම්මට තියෙන ආදරේවත්, අම්මා ගැන කියැවුණු ලියැවුණු ගීත අහන එකවත් මට එපා වෙන්නැති වෙයි. ඒත් විවිධ හේතු නිසා මේ ලෝකෙ කීයෙන් කීදෙනෙකුට මවුපිය සෙනෙහස අහිමි වෙලා ද ? පාසලේදී එහෙම නැත්තං වෙනත් ඕනෑම තැනක මාපියවන්දනා වැඩසටහනක් අවස්ථාවලදී මොනතරම් නම් දරුවෝ ප්‍රමාණයක් අසරණ වෙනවද කාගෙවත් තුරුලක් හොයාගන්න බැරිව ? ඔව් මට තුරුල් වෙන්න මගේ අම්මා හිටියට හැදෙනකොට ඒ තුරුල අහිමි වෙලා ඇත්ද ? තරහ ගිය වෙලාවට ටිකක් හිතුවක්කාර වෙනවා තමයි. ඒත් රෑට නිදාගන්න කලින් අම්මා නිදාගත්ත කියලා හොයලා බලන්න අම්මා හැමදාම කෑවද - බිව්වද කියලා හොයල බලල නිදා ගන්න එක මගේ පුරුද්දක්. නිදාගෙන ඉන්න අම්මා ළඟට ගිහිල්ලා ඔළුව ආදරෙන් අතගානවා අම්මට දැනෙනවත් ඇති. ඒත් ඒ වෙලාවට අම්මාට නින්ද ගිහිල්ලා. මගේ අම්මා හෘද රෝගියෙක්. ඒත් කවදාවත්ම අපි ඒක අම්මට දැනෙන්න දෙන්නෙ නෑ. හැමදාම මේ ලෝකෙට ජීවත්වෙන්න ඇවිල්ල නෑ. මේ පණ කෙන්ද තියෙන තුරාවට අම්මට තාත්තට ආදරය කරන්න අම්මගෙන් බීපු කිරිවලට ණය ගෙවන්න. අන්න එදාට ඔයා රටටත් බරක් නැති දෙමව්පියන්ටත් බරක් නැති ආදර්ශමත් පුතෙක් , ආදර්ශමත් දුවෙක් වෙයි. ජීවිතය කියන්නේ හරියට තන අග දිළිසෙන පිනි බින්දුවක් වගේ. කොයි මොහොතේ මහ පොළොව සිප ගනී ද කියන්න දන්නේ. ඒ නිසා සංසාර චක්‍රයෙ නවාතැන්පළක් වගේ ඇවිල්ලා ඉන්න මේ ජීවිතයට හොඳ වටිනාකමක් දෙන්න. අම්මගේ පණ කෙන්ද, තාත්තගේ පණ කෙන්ද නැතිව ගිය දවසට කෑගහලා මුළු රටක් හෙල්ලෙන්න කඳුළු හෙළන්න එපා. අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්න කාලේ ඒ දෙන්නට ආදරෙන් සලකන්න. ජීවිතේ මොන තරම් කාර්යයබහුල වුණත් ඔයාගේ අම්මයි තාත්තයි ජීවිතේ අංක එක කරගන්න. ඒ දෙන්නට පණවගේ ආදරේ දෙන්න. හැමදාමත් සෙනෙහසින් බලාගන්න. අවසාන හුස්ම පොද හෙලන තුරා කරුණාවෙන් ඒ දෙන්නව ආදරෙන් බලාගන්න. අද දවසේ මගෙන් ඔබට පිදෙන ආදරණීය සිතුවිල්ල එයයි.
රුවා බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment