දැවෙනු දිවිමග ගෙවීගෙන යයි නොදැනීම
රැඳෙනු නිහඬව තවම පිළිතුරු නොසොයාම
වැදෙනු රළ සේ වෙරළ සිප ගෙන නොරැඳී ම
ඇදෙනු පෙරඹර දෙහද සිතුවිලි පිස දාම
සඳ මඬළ ඇත නිසල රැයේ හිත් සසල වන
බිඳ බැමි පවුරු හන්තානෙට මුවාවෙන
සඳ රෑ මැදියමට උඩු දෙන පෙම් වදන
විඳවමි අදත් හද පතුලේ මෝරමින
දක්නට නොහැක තුන් මසකුත් ගෙවී ගෙන
උන්නට මහද විඳ දහදුක් දරා ගෙන
වැන්දට එදා මා හැරදා නොයනු මැන
බැන්නට අනේ ! අමනාප ද කියනු මැන
පිරෙන සිව්වස සරසවියේ විය මිහිරිවන
සැලෙන සරසවි උයන ඇත දුක දරාගෙන
ගලන මහවැලි රැළි අතරෙ හිනැහෙන
බලන හදවත සසලවයි කඳුලක් වියැකෙන
රුවා බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
No comments:
Post a Comment