සංසාරයේ බුදු පදවි පෙරමග
පා ලකුණු පෙණුනා
මන්දාරමේ පියවර මනින සඳ
ජීවිතේ දැණුනා
ඇස් අගින් වට කඳුළු බිඳුවක
මහමෙරක් බදු ආදරේ තිබුණාමන්දාරමේ පෙම් හීන දියකර
කසාවත ඇඳි නුඹේ රුව පෙනුණා
රෝස තොල් අග දුටුව සෙනෙහස
සදේ නිකැළැල් බවක් දැනුණා
එදා පෙරමඟ පිපුණු මල් මිට
මෙදා පෙරඹර රැදී තිබුණා
උදා යාමෙක ළදළු බෝපත්
සිළි හඩින් දෙසවනේ රැදුණා
නොතිර ජීවන මංතලාවක
නුඹ එතෙර යන මගක රැදුණා
සසර නදියේ ගසා නොගොසින්
තනිව උඩුගං බලා ඇඳුණා
මඳ සුළඟෙ දඟ පෑව කෙහෙරැළි
නොතිර බැමි ළඟ ඔහේ සැලුණා
කෙලෙස් අභරණ උණා එකිනෙක
කසාවතකින් ඇඳී තිබුණා
සසර පෙරමග පියමනින්නට
බුදු පදවි පා ලකුණු පෙනුණා
සංසාරයේ බුදු පදවි පෙරමඟ
පා ලකුණු පෙනුණා
මන්දාරමේ පියවර මනින සඳ
ජීවිතේ දැණුනා
ඇස් අගින් වට කඳුළු බිඳුවක
මහමෙරක් බදු ආදරේ තිබුණා
මන්දාරමේ පෙම් හීන දියකර
කසාවත ඇඳි නුඹේ රුව පෙනුණා
රුවා බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
හරිම ලස්සන පද සංකලනයක්.ජීවිතේ අනිත්‍ය බව අපූරුවට අකුරු කර ඇති අයුරු අගෙයි.
ReplyDelete