නො මළ ගෙදරක නොඉඳුල් අබ මිට
තවම ඇති සුරැකුමට තියලා
අචල කඳුලැලි අතින් පිසලමි
දුක පුතුට නොදැනෙන්න කියලා
සචල බර මහ හුඟක් දෝතින්
කෘෂ ළැමට මගෙ තුරුළු කරලා
නො මළ කතරක නොසිඳී පව් දිය
රිදුම සේ අවමන් ලබාලා
.
බොඳව ගිය නුඹ සිනා හඬ මට
දැනුදු දෙසවන රැව් දිදී
පටු ව ගිය මගෙ මුකුළු මල් මිට
පලුදු හදවත දෙස් දිදී
පරව ගිය නුඹ සක්වලින් පිට
ඈත ගව්වක ගුම් දිදී
බලව, අහසේ ඈත කොන පිට
තිමිර පටලය මත රැඳී
පුරුදු සසරේ නුහුරු ලෙස නුඹ
භවෙන් භවයට ආ හැටී
පුරුදු ඇසුරක මිහිර විඳ නුඹ
දරු සෙනේ කැළඹූ හැටී
පලුදු නොතබා මව් සෙනේ නුඹ
සිනා කට දැක්වූ හැටී
පුරුදු මව් ලෙස කෙලෙස යනු නුඹ
අමු සොහොනේ හැරදා පැටී
රුවා බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
අතිශය භාවෝත්තේජනශීලීයී..
ReplyDelete