බමුණු මහසල් කුලය බලවත්
බින්දා මං ඒ මහා පවුරත්
මණිමේඛලා දෙව්දු වුවත් මට
දෙන්නෙ නෑ කිසි සීමාවක්
මාධවී ළඟ දැනුණා සෙනෙහස
ඇත්ත මං බොරුවක් කියන්නෑ
සමාවනු මැන කණ්ණගී මට
රාග ගිනි පරයන ගිනිත් නෑ
සඳ එළියත් හරි මුරණ්ඩු ඇති
මමත් නැති වග කුටියෙ දැනගෙන
එපා කිසිවිට කෝප වන්නට
ආයෙ ආවත් නිදිවදින්නෑ මං
කාලෙ ගෙවුණත් බොහෝ ඔබේ
ආලෙ නොමැකෙන බවත් දනිමි
ආයෙ ආවත් කණ්ණගී මට
දෛවයෙන් සමාවක් නම් නැති
රුවා බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
Excellent
ReplyDeleteNice
ReplyDeleteහරිම සංවේදී නිර්මාණයක්... 😔❤️ කලාත්මකබව ඉහළයි ❤️❤️
ReplyDeleteඅපූරුයි
ReplyDeleteඅපූරු පද සුසංයෝගයක්. දිගටම ලියන්න
ReplyDeleteහරිම ලස්සන කලාත්මක නිර්මාණයක්.
ReplyDeleteලස්සනයි 🤩
ReplyDeleteහරි ම අපූරු පබැඳුමක්
ReplyDeleteඅපූරුයි
ReplyDelete