Search creations

Saturday, March 12, 2022

කණ්ණගී මට සමාවක් නම් නැති ...

 



                                         



බමුණු මහසල් කුලය බලවත්

බින්දා මං ඒ මහා පවුරත්

මණිමේඛලා දෙව්දු වුවත් මට

දෙන්නෙ නෑ කිසි සීමාවක්


මාධවී ළඟ දැනුණා සෙනෙහස

ඇත්ත මං බොරුවක්  කියන්නෑ

සමාවනු මැන කණ්ණගී මට

රාග ගිනි පරයන ගිනිත් නෑ


සඳ එළියත් හරි මුරණ්ඩු ඇති

මමත් නැති  වග කුටියෙ දැනගෙන

එපා කිසිවිට කෝප වන්නට

ආයෙ ආවත්  නිදිවදින්නෑ  මං


කාලෙ ගෙවුණත් බොහෝ ඔබේ

ආලෙ නොමැකෙන බවත් දනිමි

ආයෙ ආවත් කණ්ණගී මට 

දෛවයෙන් සමාවක් නම් නැති


රුවා  බාලසූරිය

සමාජීය විද්‍යා හා භාෂා පීඨය

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

9 comments:

  1. හරිම සංවේදී නිර්මාණයක්... 😔❤️ කලාත්මකබව ඉහළයි ❤️❤️

    ReplyDelete
  2. අපූරු පද සුසංයෝගයක්. දිගටම ලියන්න

    ReplyDelete
  3. හරිම ලස්සන කලාත්මක නිර්මාණයක්.

    ReplyDelete
  4. හරි ම අපූරු පබැඳුමක්

    ReplyDelete

My Favourite Photos

20 19 18 17 16 15 14 13 12 11 10 09 08 07 06 05 04 03 02 01