කුස සරි කරනට ගසට ගොඩ වුණේ
හද ගැබ සෙනෙහෙන් ලා දළු වැඩුණේ
රත් ලේ ඉස ඉස දෙල් ගස මුදුනේ
දෙකකුල සිපගෙන කෙක්කද වැටුණේ
කෑමොර ගසමින් නුඹ ඇඹරෙන්නේ
කරුමෙට මා එදා ගෙදර නොවුන්නේ
සුවසැරියක රෝහලට ගෙනෙන්නේ
මේ වන කිසිවක් මා නොදනිමිනේ
පාසල නිම වී නිවසට එන්නේ
කිසිවෙකු නැති බව මට වැට හෙන්නේ
යාබද නිවසින් පණිවුඩ එන්නේ
නුඹ රෝහලෙ බව මා දැන ගන්නේ
සිව්වන වාට්ටුව පෙදෙසින් එන්නේ
පිය සෙනෙහස හදවතට ග ලන්නේ
වේදනාව දැක ඉහමොළ දන්නේ
නිදි නැති තුන් යම ගෙවිලයි යන්නේ
පියපෙම සාරෙන් මහ ද නෙලන්නේ
නුඹගේ ප්රතිරුව රන්රුව වැන්නේ
දිවි රඟමඬලෙන් නොබැසම ඉන්නේ
ගම්භර දෙවිඳුගේ පිහිට ලැබෙන්නේ
රුවා බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
👍👍👍👍
ReplyDeleteඅති විශිෂ්ටයි සහෝදරයා.
ReplyDeleteමේ වචන හරිම සංවේදීයි. ජීවන යථාර්ථය මනාව නිරූපණය කරන නිර්මාණයක්.... ❤️
ReplyDeleteලස්සනයි 🤩
ReplyDelete