Search creations

Thursday, March 17, 2022

රත් ලේ ඉසිමින් රැකගත් සෙනෙහස

 


කුස සරි කරනට ගසට   ගොඩ   වුණේ

හද ගැබ සෙනෙහෙන් ලා දළු   වැඩුණේ

රත් ලේ ඉස ඉස දෙල් ගස            මුදුනේ

දෙකකුල  සිපගෙන කෙක්කද  වැටුණේ


කෑමොර ගසමින් නුඹ       ඇඹරෙන්නේ

කරුමෙට මා එදා ගෙදර    නොවුන්නේ

සුවසැරියක රෝහලට       ගෙනෙන්නේ

මේ වන කිසිවක් මා         නොදනිමිනේ


පාසල නිම වී නිවසට                 එන්නේ

කිසිවෙකු නැති බව මට වැට  හෙන්නේ

යාබද නිවසින් පණිවුඩ              එන්නේ

නුඹ රෝහලෙ බව මා දැන        ගන්නේ


සිව්වන වාට්ටුව පෙදෙසින්          එන්නේ

පිය සෙනෙහස  හදවතට  ග      ලන්නේ

වේදනාව දැක ඉහමොළ              දන්නේ

නිදි නැති තුන් යම  ගෙවිලයි       යන්නේ


පියපෙම සාරෙන් මහ ද         නෙලන්නේ

නුඹගේ ප්‍රතිරුව රන්රුව             වැන්නේ

දිවි රඟමඬලෙන් නොබැසම       ඉන්නේ

ගම්භර දෙවිඳුගේ පිහිට        ලැබෙන්නේ 


රුවා  බාලසූරිය

සමාජීය විද්‍යා හා භාෂා පීඨය

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය


4 comments:

  1. අති විශිෂ්ටයි සහෝදරයා.

    ReplyDelete
  2. මේ වචන හරිම සංවේදීයි. ජීවන යථාර්ථය මනාව නිරූපණය කරන නිර්මාණයක්.... ❤️

    ReplyDelete

My Favourite Photos

20 19 18 17 16 15 14 13 12 11 10 09 08 07 06 05 04 03 02 01