Search creations

Saturday, March 12, 2022

කෝවලන් එන්න ආයෙත්...

 











බමුණු මහසල් කුලය බලවත්
වින්ද සිටි සැප මහමෙරක්
මණිමේඛලා දෙව් දූගේ පිහිටෙන්
සුරැකි ඔබ අප  දේශයක්

මාධවී ළඟ වුණත් දෙයියෝ
විඳින විට ආදරේ ඇති තරම්
රෑට පායන සඳ බලාගෙන
පහන් කෙරුව මං කාලයක්

සඳ එළියත් හරි මුරණ්ඩුයි
කළා එබිකම් ගැබට සිරි යහන්
කෝපයෙන් මා කීවා එවිටම
එපා ආයිත් නෑ ඉඩක්

මල් උයන දැන් මල් පිපෙන්නෑ
විහඟ කැල දැන් ගී ගයන්නෑ
කාරණේ නුඹ ආයෙ එන්නෑ
ගෙනෙන්නෙ ම දැන් සිත් විඩාවක්

කාලෙ ගෙවුණට ආලෙ එහෙමයි
නෑ කිසිත් කිසිවෙක් සොරාගත්
ඉතිං කෝවලන් එන්න ආයෙත්
පාර මතකද කන්නගී මං ?

රුවා   බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

6 comments:

  1. නිර්මාණාත්මකයි.

    ReplyDelete
  2. කිය වූ විට මනහර වදන්
    නිවෙනවා සිතක රිදුම්
    පතමි ඔබ හට සුබ පැතුම්
    ලියන්නට හදවතට නොදී රිදුම්

    ReplyDelete
  3. හරිම රසවත් නිර්මාණයක්.

    ReplyDelete
  4. 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

    ReplyDelete

My Favourite Photos

20 19 18 17 16 15 14 13 12 11 10 09 08 07 06 05 04 03 02 01