බමුණු මහසල් කුලය බලවත්
වින්ද සිටි සැප මහමෙරක්
මණිමේඛලා දෙව් දූගේ පිහිටෙන්
සුරැකි ඔබ අප දේශයක්
මාධවී ළඟ වුණත් දෙයියෝ
විඳින විට ආදරේ ඇති තරම්
රෑට පායන සඳ බලාගෙන
පහන් කෙරුව මං කාලයක්
සඳ එළියත් හරි මුරණ්ඩුයි
කළා එබිකම් ගැබට සිරි යහන්
කෝපයෙන් මා කීවා එවිටම
එපා ආයිත් නෑ ඉඩක්
මල් උයන දැන් මල් පිපෙන්නෑ
විහඟ කැල දැන් ගී ගයන්නෑ
කාරණේ නුඹ ආයෙ එන්නෑ
ගෙනෙන්නෙ ම දැන් සිත් විඩාවක්
කාලෙ ගෙවුණට ආලෙ එහෙමයි
නෑ කිසිත් කිසිවෙක් සොරාගත්
ඉතිං කෝවලන් එන්න ආයෙත්
පාර මතකද කන්නගී මං ?
රුවා බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
නිර්මාණාත්මකයි.
ReplyDeleteBeautiful ❤️
ReplyDeletevery nice♥️
ReplyDeleteකිය වූ විට මනහර වදන්
ReplyDeleteනිවෙනවා සිතක රිදුම්
පතමි ඔබ හට සුබ පැතුම්
ලියන්නට හදවතට නොදී රිදුම්
හරිම රසවත් නිර්මාණයක්.
ReplyDelete🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
ReplyDelete