කන හරහා මොලයට
ජීවිතයේ කියන්නෙ ම ගෙවෙන තත්පරයක් තත්පරයක් පාසා අලුත් අලුත් දේ එකතු වෙන එකට. එහෙම කිව්වත් ඇයි මිනිස්සු හැමදාම එකම තැන පල් වෙන්නේ ? ජීවිතයේ අඩියෙන් අඩිය ඉස්සරහට යන නම් අපිට අලුත් අදහස් අවශ්‍යයි. පෙර පාසලේ ඉඳලා, සාමාන්‍ය පෙළ , උසස් පෙළ එතනින් එහාට විශ්වවිද්‍යාලය දක්වා මොනතරම් නම් පොත පතින් අපි අධ්‍යාපනය ලබනවා ද ?
සමහර පුරුදු වෙලා ඉන්නේ පුළුවන් තරං ගිරව් වගේ කටපාඩම් කරල විභාග පාස් වෙන්න උත්සාහ කරන එකට. හැබැයි න්‍යායාත්මක දැනුම ඇතුලේ ඔවුන් සාර්ථක ඇති. ඒත් ප්‍රායෝගික තලයේ දී ඔවුන් අසමත් වෙන්න පුළුවන්. හැබැයි මේ අතරේ ඉන්නවා තවත් කොටසක් , මේ දෙකම හොඳ තුලනාත්මකව දකින එක ක්‍රියාවෙන් ඔප්පු කරන්න පුළුවන්. ප්‍රායෝගික දැනුම කොහොමද භාවිතා කරන්නේ කියලා ඔවුන්ට අදහසක් තියෙනවා. ඒ වගේම ඒ අදහස ක්‍රියාත්මක කරන්න පසුබට වෙන්නෙත් නෑ. ජීවිතය කියන්නේ හබල් ගාන ඔරුවක් නං හබල කැඩුණම ගඟ මැදට වෙලා ඉන්න පුරුද්දක් ඔවුන්ට නෑ. අතින් හරි මොනතරම් බැරි අමාරුකම් තිබුණත් පීනගෙන හරි ගොඩට එන පුරුද්දක් ඔවුන්ට තියෙනවා. පොත පතින් කොච්චර අධ්‍යාපනය ලැබුවත් ඒ දැනුම ප්‍රායෝගික තලයට ගෙන බැරි නම් කවදාවත් පොත් අස්සෙ හිර වෙලා ම කාලය ගත කරන්න එපා ! පහුගිය කාලෙත් ආතතිය දරාගන්න බැරිව කීදෙනෙක් නම් සියදිවි හානිකර ගත්තද ? පුංචි දුකක්වත් දරාගන්න බැරුව කොහොමද අපි ලෝකෙට මුහුණ දෙන්නෙ ? ජීවිතයේ කියන්නෙම පැටලුණු නූල් බෝලයක්. එහි නූල් බෝලෙ තවදුරටත් පටලගන්නව ද ? එහෙම නැත්නම් පොටක් අල්ලගෙන ටිකෙන් ටික ඒ නූල් දිග හැර ගන්නවද කියලා අපි අපේ හදවතට තට්ටුකරලා අහමු ! මේ කතාව ගොඩක් වැදගත් වෙන්නේ දරුවන්ට, ඒ වගේම ඒ දරුවන්ගේ දෙමාපියන්ට. මෙතන තමයි මූල බීජය මේ අදහස රෝපණය කරන්න. අහන දකින මිනිස්සුන්ට මේක සෙල්ලමක් වගේ පෙනුණට මේකෙ බැරෑරුම් බව මිනිස්සු තේරුම් ගන්නෙ නෑ. ජීවිතය දිහා සුබවාදීව බලන්න බැරිව ආතතියට ලක් වෙනවට වැඩිය හොඳයි පුංචි කාලේ ඉඳලා ප්‍රායෝගික අත්දැකීමත් විදගෙන ජීවිතේට මුහුණ දෙන එක. තවත් ජීවිතේ ඉදිරි පිම්මකට නම් අපි පොතපතින් ලබන අධ්‍යාපනය වගේම මහ පොළොවෙ පය ගහල ජීවත් වෙන්න පුළුවන් ප්‍රායෝගික දැනුමත් ආයෝජනය කර ගමු. එතකොට පුළුවන් ප්‍රශ්නෙකට බය නැතුව මුහුණ දෙන ශක්තිවන්ත මනුස්සයෙක් විදිහට මේ මහ පොළොවේ දෙපයින් ඇවිදින්න. පොතෙන් ගන්න දැනුම අපි නිරන්තරයෙන් ම ප්‍රායෝගික දැනුමටත් සම්බන්ධ කරමු.
රුවා බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
අනර්ඝ ලියුමක්
ReplyDelete