සමාජ ප්‍රතිසංවිධානය තුළ ආගම හා සංස්කෘතික විවිධත්වය කෙරෙහි විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ කාර්යයභාරය
පිළිබඳ සමාජ හා මානව විද්‍යාත්මක අධ්‍යයනයක්....
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය ඇසුරෙන්.
බී.එම්.ටී.එල්.
බාලසූරිය
සමාජීය විද්‍යා හා භාෂා
පීඨය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
සංක්ෂිප්තය :
සමාජ ප්‍රතිසංවිධානය යනු නූතන සමාජයේ සියලු දෙනා අවධානය දිය යුතු ම අංශයකි. අතීතයේ සිට මානව ප්‍රජාවගේ පැවැත්ම කෙරෙහි ආගම හා සංස්කෘතික පසුබිම ඉවහල් වූ බව බොහෝ දෙනෙක් දන්නා කාරණයකි. ආගමක් සහ සංස්කෘතියක් තුළින් සමාජය වෙත ලබාදෙන ආදර්ශ අති විශාලය. විශේෂයෙන් ම විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු ලෙස සමාජය දෙස බැලිය යුත්තේ නව මානයකිනි. සමාජයේ විවිධ සංවිධානවීම් කොතෙක් පැවතිය ද ප්‍රතිසංවිධානය වීම් දැක ගත නොහැකි තරම්ය. ආගමට හා සංස්කෘතියට ද නූතන මිනිසාගේ නැඹුරුවීම් ද ඇත්තේ අල්ප වශයෙනි. ලෝකයේ බොහෝ සමාජවල තමා අදහන ආගම, තම සංස්කෘතිය අන් ආගම් හා අන් සංස්කෘතීන්ට වඩා උසස් බව බොහෝ දෙනෙකු සතු පටු ආකල්පයකි. ලොව වෙසෙන බොහෝ දෙනෙකුට ආගම හා සංස්කෘතිය තමා සිතැ පරිදි ඇදහීමට හා පිළිගැනීමට අවකාශ සැලසෙන නමුත් එසේ අවකාශ අහිමිවන පිරිසක් ද සිටිති. විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු විසින් ආගම හා සංස්කෘතිය පිළිබඳ ව දක්වන උනන්දුව, ඒ පිළිබඳ දරන ආකල්පය, ජීවිතයට කෙතරම් සමීප කරගෙන සිටී ද ? සංස්කෘතිය කෙරෙහි ආගමෙහි ඇති සම්බන්ධය කෙබඳු ද ? සමාජයට එය පාඩමක් කොට නිවැරදි අදහසක් සමාජගත කරන ආකාරය ආදී කරුණු සම්බන්ධ ව කටයුතු කරනු ලබන ආකාරය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය ඇසුරෙන් අධ්‍යයනයක් සිදු කිරීම අරමුණු වේ. දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික යන අංශයන් කෙරෙහි ද අවධානය යොමු කිරීමේදී පවා අවබෝධවන කාරණය වන්නේ නූතන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මේ අංශ කෙරෙහි ද ඇත්තේ අල්ප අවධානයක් බවයි. විශේෂයෙන් ම ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට වඩා මේ පිළිබඳ අවධානයක් දෙන්නේ ශිෂ්‍යයාවන් ය. බොහෝ විට ශිෂ්‍යයන් ආගම හා සංස්කෘතිය සම්බන්ධව දරන්නේ වෙනස් ආකල්පයකි. ශිෂ්‍යයන් නූතන තාක්ෂණය පසුපස හඹායනු මිස ආගමට හා සංස්කෘතියට දක්වන උනන්දුව හා ඇල්ම ශිෂ්‍යයාවන්ට සාපේක්ෂව ශිෂ්‍යයන්ගේ දායකත්වය අඩුය.
පර්යේෂණ අදාලත්වය, වැදගත්කම හා අරමුණු යටතේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය ඇසුරින් ද අවබෝධවන කාරණයක්
වන්නේ විශේෂයෙන් ම බෞද්ධ, ක්‍රිස්තියානි , හින්දු, ඉස්ලාම් ආදී කවර ආගමක් හදාරන
ශිෂ්‍යයෙකු වුව ද නිදසුනක් ලෙස ගත්විට ආගම
ඇදහීම හා ඒ අනුව හැසිරීම සම්බන්ධව ගැටලු
පවතී. බොහෝදෙනා ආගම ඇදහීම සිදු කළ ද ඒ අනුව කටයුතු කිරීම හා අන් අයට ලබාදෙන ආදර්ශයෙහි ද ගැටලු පවතී. ඇතැම් විට තමා අදහන
ආගම අදහන්නේ ඇයි ද යන කාරණය විමසූ විට ලබාදෙන පිළිතුර දෙස අවධානය යොමු කළවිට
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු, උගත් යැයි සම්මත පුද්ගලයෙකු ලෙස ඔවුන්ගේ හැසිරීම කෙබඳුදැයි අවබෝධ කරගත හැකිය. ඇතැම්හු ඒවා පිළිබඳ කිසිදු උනන්දුවක් ද
නොදක්වති. එම නිසා මෙම කාරණය ඉක්මනින් සමාජගත කළ යුතුය. සංස්කෘතිය සම්බන්ධව ද ඇත්තේ මෙවැනි ම ආකල්පයකි.සංස්කෘතික විසරණය,සංස්කෘතික සංකර්ෂණය වැනි කාරණා සම්බන්ධව ද ඇත්තේ ආගම
හා සම්බන්ධව දරන අදහස වැනි අදහසකි. විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු ලෙස සංස්කෘතිය යනු කුමක්ද ? සංස්කෘතික අංග නිසි පරිදි විග්‍රහ කිරීම, සංස්කෘතිය ගලායන ආකාරය, විවිධ සංස්කෘතීන් අධ්‍යයනය කිරීම සම්බන්ධව ද නිසි අවබෝධය ලබාදිය යුතුය. පර්යේෂණ විධික්‍රමය යටතේ දී ගුණාත්මක විධික්‍රමය හා ප්‍රමාණාත්මක විධික්‍රමය යොදාගැනෙයි. අධ්‍යයනය සඳහා එමිල් ඩර්කයිම්ගේ සමාජ අනුකලනය න්‍යායික තොරතුරු අධ්‍යයනයේදී යොදා ගැනෙයි. තව ද ඔගස්ට් කොම්ට්ගේ දේවවාදී , පාරභෞතික හා විද්‍යාත්මක යන අවධි 03 න්‍යාය ද යොදා ගැනෙයි. ආගම හා
සංස්කෘතිය අධ්‍යයනය පුද්ගලානුබද්ධ ව විවිධ වන අතර, එය ධනාත්මක හා ඍණාත්මක විය හැකිය. ඇතැම්හු ඒ කාණ්ඩ දෙකට ම අයත් වේ. දත්ත රැස් කිරීමේ ශිල්ප ක්‍රම යටතේ සම්මුඛ සාකච්ඡා සහ ප්‍රශ්ණාවලි භාවිතය සිදුවන අතර, ප්‍රාථමික සහ ද්විතීක මූලාශ්‍ර මෙහිදී භාවිතයට ගැනෙයි. අධ්‍යාපනය, කීඩාව, සංගීතය, විනෝදාස්වාදය, ආගමික කටයුතු සම්බන්ධව ද විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්
උනන්දුව වන ආකාරය ද අධ්‍යයනය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ව ඇත. මේ පිළිබඳව ගැඹුරින් විමසා බැලිය යුතුය. සමාජ ප්‍රතිසංවිධානය තුළ ආගම හා
සංස්කෘතිය ඍජු ලෙස බලපෑම් කරන ආකාරය ද අධ්‍යයනය කළ යුතුය. වර්තමාන සමාජයෙහි බොහෝ
ගැටලුවලට හේතුව වී ඇත්තේ ද මෙම කාරණා නිසි පරිදි අවබෝධ කර නොගෙන කටයුතු කිරීමයි. එම
නිසා මෙම අධ්‍යයනයෙහි අරමුණ වන්නේ ද සමාජය නැවත සංවිධානය වීම කෙරෙහි ආගම හා සංස්කෘතිය කොතෙක් දුරට බලපාන්නේ ද යන්න පෙන්වාදීම වේ. ඉන් සමාජය නොසලකා හරින ලද
අංශයන් ද්විත්වයක් හරහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය උපයුක්ත කොට ගනිමින් සමාජයට
පණිවිඩයක් ලබාදීම අදහස් කරයි. විශ්වවිද්‍යාල සංස්ථාව හරහා ආගම හා සංස්කෘතික වෙත නැඹුරුවීම හා ඉන් ජීවිතවලට
ලැබෙන ආලෝකය පිළිබඳ ව දැනුවත් වීම හා ඒ අනුව කටයුතු කළ යුතු බව
මෙම පර්යේෂණයේ ප්‍රධාන නිගමනය ලෙස දැක්විය හැකි ය.
කේන්ද්‍රීය වචන - සමාජ ප්‍රතිසංවිධානය, විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයා, ආගම හා
සංස්කෘතික පසුබිම.
සමාජීය විද්‍යා හා භාෂා පීඨය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
අනර්ඝයි
ReplyDelete❤️
ReplyDeleteඅනර්ඝයි❤️
ReplyDelete